May 12, 2024

මෝදි - ගෝඨා හමුවක්! මෝදිගේ අදහස කියයි

November 03, 2021

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දන්වන්නක් බවයි සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්තේ.  

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී මෙම හමුවීම සිදුව ඇතැයි වාර්තා වනවා.

එහි දී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ බවද සදහන් වනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිනවා.

මෙම රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂා මහතාට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්ස්න්, ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන්, ජර්මනියේ හිටපු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල්, ඊශ්‍රායල් අග්‍රමාත්‍ය නෆ්තලි බෙනට්, නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රට් යන ලෝක රාජ්‍ය  නායකයින් හමුවූ අයුරු දැක්වෙන ඡායාරූපද ඔහුගේ ට්විටර් ගිණුමටද එක් කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items