May 12, 2024

හිමිනමගේ සභාපතිකමට අතාවුල්ලාගේ විරෝධය: පත්කළ හේතුව ජනපති කියයි Featured

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කාර්ය සාධන බලකායේ සභාපතිධූරයට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් පාර්ශ්වයන්ගෙන්ද එල්ල වී තිබෙනවා.

මීට ටික දිනකට පෙර අරලියගහ මන්දිරයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ඒ බව ජනපතිවරයාට සෘජුවම දැනුම් දුන් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මුස්ලිම් පක්ෂ මතය

එම රැස්වීමේදී ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයක් වන ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා ඥානසාර හිමිගේ පත්වීම සම්බන්ධයෙන් සිය විරෝධය ජනපති වෙත දක්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුල්ලා මහතා ජනාධිපති හමුවේ සඳහන් කර තිබෙන්නේ එම කාර්ය සාධන බලකායේ සභාපති ධුරයට ඥානසාර හිමි පත් කිරීම උචිත නොවන බවයි.

ඊට ජනපතිවරයාද පිළිතුරක් දී තිබෙනවා.

ජනපතිගේ ප්‍රතිචාරය

ඒ එක රටක එක නීතියක් ගැන වැඩි පුරම කතා කරන්නේ ඥානසාර හිමියන් බැවින් උන් වහන්සේ එම කාර්ය කාර්ය සාධන බලකායේ සභාපති ධූරයට සුදුසු බවටයි.

එහිදී මේ සම්බන්ධයෙන් ජනපතිවරයාට සහාය දක්වමින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ ජනපතිවරයා කාර්ය සාධන බලකා පත් කරන්නේ විෂයානුබද්ධ කරුණු ගැන අවබෝධයක් ගැනීමට පමණක් බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 31 October 2021 11:19

Related items