May 19, 2024

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ට ජනපතිගෙන් අවසන් ගෞරව

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (29) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා එම කටයුතු පිළිබඳව ද සොයා බලමින් ආදාහන කමිටුවේ භික්ෂුන් වහන්සේ සමඟ කතාබහක නිරත වුණා.

No photo description available.

May be an image of one or more people, people sitting and indoor

May be an image of 1 person, sitting and indoor

May be an image of 1 person and text

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 17:36

Related items