May 19, 2024

හිමිනමගේ ජනපති කාර්ය සාධන බලකාය ගැන දමිල නායකයින්ගෙන් ඉල්ලීමට ජනපති අනුමැතිය

ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් ඇති ජනපති කාර්ය සාධන බලකායට දෙමළ නියෝජනයන් ඇතුළත් කළ යුතු බවට ඉල්ලීමක් ජනපතිවරයා වෙත ඉදිරිපත් වී තිබෙනවා.

ඒ ආණ්ඩුවේම හවුල්කාර දෙමළ පක්ෂ නායකයින් දෙදෙනෙකු වෙතින්.

හවුල්කාර පක්ෂ නායකයින් දෙපළ

එසේ ඉල්ලීමක් කර තිබෙන්නේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ ජීවන්. තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා විසින්.

ඩග්ලස් දේවානන්දා මහතා ඊ.පී.ඩී.පී නායකයා වන අතර ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වනවා.

ජනපතිගේ අනුමැතිය

ඔවුන් දෙපළගේ ඉල්ලීමට ජනපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගලගොඩාත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජනපති කාර්ය සාධන බලකායට දෙමළ නියෝජනයන්ද ඇතුලත් වීමට නියමිතයි.

උන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පත් කොට ඇති ජනපති කාර්ය සාධන බලකාය නියෝජනය වන්නේ සිංහල හා මුස්ලිම් නියෝජිතයන්ගෙන් පමණයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 16:26

Related items