May 19, 2024

ලංකාවෙන් පිට වෙන්න කලින් ඇමරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්  (Alaina B. Teplitz ) මහත්මිය ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිවරයා කොවිඩ්  වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළා.

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කළා.

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුභාශීංසන එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 00:19

Related items