May 19, 2024

පළමු පොපි මල ජනපතිට පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පළඳවයි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාට පොපි මල පළඳවනු ලැබුවා.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන් කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944 දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 77වන වරට ය. 

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

Rate this item
(0 votes)

Related items