May 16, 2024

ඇමති බන්දුල මහපොළටත් අත තියයි: කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ගනී

සරසවි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ශක්තියක් වූ මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදලේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් නිසා.

ඇමතිගේ තීරණය

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල තිබෙන්නේ වෙළෙඳ  අමාත්‍යාංශය යටතේ.

මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘවරයා වන්නේ ජේ.ආර්.ජයවර්ධන රජයේ වෙළෙඳ ඇමැති ධුරය දැරූ ලලිත් ඇතුලත්මුදලි මහතායි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කර තිබුණේ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලලිත් ඇතුලත්මුදලි අරමුදල ලෙස නම් කිරීමටයි.

ඊට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබෙන බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 23:27

Related items