May 14, 2024

දයාසිරිගෙන් ගුරු විදුහල්පතිවරුන්ට තල්ලුවක්: ඉල්ලීම් සාධාරණයි - පන්දාහ රැවටිල්ලක්

තවමත් නොවිසඳුණු ගුරු විදුහල්පති ඉල්ලීම් ඉතාම සාධාරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකුද වන ඔහු සඳහන් කරන්නේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉල්ලා සිටින්නේ නීතිගත කරපු වැඩ පිළිවෙළක් බවයි.

රුපියල් පන්දහස රැවටීමක්

ගුරු ප්‍රශ්නය අද විශාල අර්බුදයක් වී තිබෙන බව සදහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ඔවුනට රු.5000 ලබා දෙනවා කියන්නේ ඔවුන්ව රැවටීමකට ලක් කිරීමක් ලෙසයි පෙන්වා දෙන්නේ.

ගුරු - විදුහල්පතිවරුන්ව එවන් රැවටීමකට ලක් නොකළ යුතු බවයි සඳහන් කරන්නේ.

ගුරුවරුන් හා විදුහල්පති රාජකාරියට වාර්තා කිරීමට සූදානම් බවත් ඒ සඳහා ඔවුන්ට ලබා දෙන විසඳුම් නීත්‍යානුකූලව හා ලිඛිතව ලබා දිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ වයඹ පළාත් සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින්.

උත්සාහයන් අසාර්ථක වීම

ගුරු විදුහල්පති වර්ජනය අවසන් කිරීම සඳහා හෙද සංගමයේද සභාපති ධූරය දරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මැදිහත්වී උත්සාහයක් ගත්තද එයද අසාර්ථක වුණා.

උන් වහන්සේ මැදිහත්වී අග්‍රාමාත්‍යවරයා හා ගුරු සංගම් අතර මුහුණට මුහුණලා කෙරෙන සාකච්ඡාවක් සූදානම් කළ මුත් එහිදී ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් කළ යෝජනා ගුරු සංගම් මේ වන විටත් ප්‍රතික්ෂේප කරමින් වර්ජනය දිගටම පවත්වාගෙන යන බව දැනුම් දී තිබෙනවා.

මේ වන විට ගුරු විදුහල්පති වර්ජනය මාස තුනද ඉක්මවා ගොසින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 15:39

Related items