May 21, 2024

ඊලඟ මිල වැඩි කිරීමට බලශක්ති ඇමැතිගෙන් යෝජනාවක්! ජනපති තීන්දුව දැනුම් දෙයි

ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ(11) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 12 October 2021 12:16

Related items