May 16, 2024

ඇමැති බන්දුල යොහානිට කවියෙන් සුබ පතයි

ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කවියකින් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් වුණා.

" මැණිකේ වදනින් ලොවක්          කැළඹු
  මිහිරි ගීයෙන් සවන්                   සැනසූ  
  සිහින කුසුමන් දෑස                   තැවරූ
  යොහානි දුවට  අපේ              සුබපැතුම් "

එම කවි පදය එහිදී තාලයට ගායනා කරන්නද ඇමතිවරයා අමතක කලේ නැහැ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 17:50