May 12, 2024

ජනපති නැවතත් දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආර්යාව, එම සංචාරය නිමා කර අද (04) දිනයේ උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ , එතැන් සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් 10/04 දින උදෑසන 08.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

(ටී.කේ.ජී.කපිල - කටුනායක)

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 11:29

Related items