එක්සත් ජාතික පක්ෂයට නවක සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩ සටහන මේ මස ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා දිනයක්ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී තිබෙනවා.
සුවිශේෂී දිනය
ඒ එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා.
පක්ෂ නායකයා ඒ දිනය ලබාදී තිබෙන්නේ එදින එක්සත් ජාතික පක්ෂයට ඉතා වැදගත් දිනයක් වන නිසා.
පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදී තිබෙන්නේ එදිනට.
කාණ්ඩ තුන
පක්ෂ සාමාජිකත්වය කාණ්ඩ තුනක් යටතේ බඳවා ගැනීමටයි වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙන්නේ.
ඉන් එකක් වන්නේ "තව්සන් එම්" හෙවත් රු.1000 සාමාජික කාඩ් පත.
දෙවැන්න වන්නේ "ඩිජිටල් මෙම්බර්සිප්" ක්‍රමයට සාමාජිකත්වය ලබා දීම නැතිනම් ඔන්ලයින් ක්‍රමයට සාමාජිකත්වය ලබා දීම.
අනිත් ක්‍රමය වන්නේ සාමාන්‍ය ක්‍රමයට ගම්මට්ටමින් සාමාජිකයන් බඳවා ගැනීම.
උතුරේ සිට දකුණට
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සියලු ගම්මාන ආවරණය වන පරිදි පක්ෂ සාමාජිකයින් බඳවා ගන්නා ලෙසටයි වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන්නේ.
ඒ අතර දැනට සිටින සියලු සියලු එ.ජා.ප සාමාජිකයන්ගේ ලියාපදිංචි අලුත් කරන ලෙසටත් පක්ෂ නායකයා උපදෙස් ලබාදී තිබෙනවා.