එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතා වෙත වැඩි බරක් පටවා ඇති බැව් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන්.
වැඩි වගකීමක්
සාගල රත්නායක මහතාට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙහෙයුම් අංශය භාරදීමට පක්ෂ නායක වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම පක්ෂ සාමාජිකත්වය වැඩි කර ගැනීම මෙන්ම එම සාමාජිකයින් සඳහා ඩිජිටල් සාමාජික පතක් හඳුන්වාදීමයි වික්‍රමසිංහ මහතාගේ සැලසුම වී තිබෙන්නේ.
පක්ෂ නායකයා පැවරු වැඩි බර නිසා රත්නායක මහතා මාතර දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලනය කිරීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබෙනවා.
පසුගිය මහා මැතිවරණය
පසුගිය මහ මැතිවරණයේදීද මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතායි.
ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත.
රත්නායක මහතා පසුගිය මහ මැතිවරණයට තරඟ කළේ නැහැ.
53 වැනි වියේ පසුවන සාගල රත්නායක මහතා 72 වැනි වියේ පසුවෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාමත් කිට්ටු සමිපතයෙක් ලෙසයි සැලකෙන්නේ