May 10, 2024

මගේ දරුවෝ කවුරුත් බෞතිස්ම කරලා නැහැ: අතේ තියෙන්නේ පිරිත් නූල්; කාලි නූල් නැහැ - පාඨලී චම්පික

September 25, 2021

"මගේ දරුවෝ කවුරුත් බෞතිස්ම වෙලා නැහැ.මගේ දරුවෝ මුණුපුරාලා කවුරුත් බෞතිස්ම කරල බොරුවට දළදා මාලිගාව වඳින්න ගිහිල්ලා නැහැ."යැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

"මට අතේ හොඳ පිරිත් නූලක් ගැටගහලා තියෙන්නේ.මම කාලි නූල ගැට ගහලා නැහැ.මම කාලි අම්මා අදහන කෙනෙක් නෙමෙයි.මම හොඳ බෞද්ධයෙක්. ඒ ගැන ආඩම්බරයෙන් කියන්නේ."යයිද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ක්‍රිස්තියානි සභාව සමග කුමන්ත්‍රණය

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසුව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ක්‍රිස්තියානි සභාව සමග එකතු වී කුමන්ත්‍රණයක් කරන බවට ඔබට චෝදනාවක් තිබෙනවා නොවේදැයි එහිදී මාධ්‍ය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කලා.

ප්‍රසිද්ධියේ කළ සාකච්ඡාව

ක්‍රිස්තියානි පූජකතුමන්ලා සමඟ කළ සාකච්ඡාව ප්‍රසිද්ධියේ කළ එකක් බවත් එය අන්තර් ජාලයට මුදාහැර ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

එනිසා එම සාකච්ඡාවේ කුමන්ත්‍රණයක් නැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ප්‍රජාවට හා රටේ ජනතාවට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බවද සදහන් කරනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ඒ දේශපාලන වාසිය ලබා ගැනීම සඳහා පල්ලි වලට ගොස් විවිධ ස්ථානවල කුමන්ත්‍රණ කළ අය පිළිබඳව නම් තමා දැනුවත් බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

ඒ වගේම තමන් අනිකුත් ආගම් වලට ගරු කරන බවත් මන්ත්‍රීවරයා සදහන් කරනවා.

මේ රටේ දේශපාලකයෙක් හැටියට පල්ලියට , කෝවිලට හා අනිකුත් ආගමික ස්ථානවලට යෑමට තමන් බිය නැති බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ තමන් කුමන්ත්‍රණ කර නැති නිසා බවයි පෙන්වා දෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 25 September 2021 09:48