May 10, 2024

පාඨලීව CIDයට කැඳවයි! සමගියේ මන්ත්‍රීවරුත් රැස්වෙයි

September 24, 2021

අද (24) දිනයේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව CIDයට කැඳවා තිබෙනවා.

එහිදී හිටපු අමාත්‍යවරයා මෙලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත්තේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමයේ ප්‍රවර්ධන කටයුත්තක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමටයි.

එහිදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ "මේ ආණ්ඩුව අද පත්වෙලා තියෙන අසරණ භාවය අපට පේනවා. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තිබුනා කියලා හිටපු නීතිපතිවරයා කරපු ප්‍රකාශයත්, ඒ වගේම ඊට සාක්ෂි දිපු කෙනෙක් විදිහට අපි විසින් එම කොමිසම ඉදිරියේ හෙළි කරපු කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට කටඋත්තර නැතිවෙලා තියෙනවා ඒ තත්ත්වය තුළ." යනුවෙනි

දේශපාලන දඩයම් කරමින් මෙම ප්‍රශ්න වෙනතක යොමු කරන්න නොයෙක් නොයෙක් ආකාරයේ උපක්‍රම කරමින් ජාතික ආගමික හිංසකාරී ක්‍රියා ඇතිවෙන ආකාරයට පෙළෙඹවීම් ඇතිවෙන ආකාරයට ආණ්ඩුවේ මාධ්‍ය හසුරුවමින් සිටීම පිළිබඳව කණගාටුදායක බවද හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

මෙම අවස්ථාවට පා.ම.කබීර් හෂීම්, මනුෂ නානායක්කාර, රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ද එක්ව සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 September 2021 12:27