May 02, 2024

එන්.ජී.රාජපක්ෂ අලි ප්‍රශ්නය පාර්ලිමේන්තුවට විනෝදයක් ගෙන දෙයි

September 22, 2021

එන්.ජී.රාජපක්ෂ මහතාගේ නමින් හෝ ඔහු නියෝජනය කරන කෙනෙක් නමින් අලි බලපත්‍රයක් තිබෙනවාදැයි පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමක් හාස්‍යජනක කරුණක් බවට පත්වුණා.

ඉහත සඳහන් ප්‍රශ්නය ඇසුවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මයන්ත දිසානායක මන්ත්‍රීවරයා.

හාස්‍ය ජනක පිළිතුර

ඊට පිළිතුරු දුන්නේ වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහතා.

ඔහුගේ පිළිතුර වූයේ "තාම එහෙම නැහැ.හොයලා බලලා කියන්නම්" යන්නයි.

එම පිළිතුරක් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුනි කොක් හඬලා සිනාසුණා.

මන්ත්‍රීවරයාගේ අවබෝධය

ඒ සිනාසුනේ තමාට බව මයන්ත දිසානායක මන්ත්‍රීවරයාට අවබෝධ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමක් හෝ එම ප්‍රශ්නය දිගටම ඇසීමක් නොකළ අතර වෙනත් සූදානම් කර ගෙන ආ ප්‍රශ්නයක් අසනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 September 2021 10:57

Related items