May 11, 2024

ලඟදීම රටට වෙන්න යන දේ ගැන පාඨලී චම්පික අනතුරු අඟවයි

September 21, 2021

අද මෙරට තිබෙන ප්‍රධානම අර්බුදය කුමක්දැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඒ ලංකාවට ණය ගැනීමට බැරි වීම බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

වෙනස් අර්බූදය

මෙතෙක් මේ රටේ සිටි සියලුම ආණ්ඩු ණය ගත්ත අතර එම ණය වලින් පරණ ණය බේරුව බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා අද උද්ගතව තිබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවයි සඳහන් කරන්නේ.

අද මේ ආණ්ඩුවට විදේශීය වෙළෙඳ පොළින් මෙන්ම දේශීය වෙළෙඳ පොළින් ණය නොදෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

බංකොලොත්භාවය අත ළඟ

මූල්‍ය වෙළෙඳ පොළට රට විවෘත නොවීමේ අර්බුදය මත රට ඉතිහාසයේ ප්‍රථම වතාවට බංකොලොත් වීමට යන බවට අනාවැකියක්ද මන්ත්‍රීවරයා පළ කරනවා.

කොවිඩ් අර්බුදයෙන් ගොඩ ඒමට ලෝකයේ රටවල් උදව් කළද ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මේ ආණ්ඩුවට ලොව රටවල් උදව් නොකරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ඒ නිසා ආර්ථිකය බිඳ වැටුණේ කොවිඩ් අර්බුදය නිසා නොවන බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 21 September 2021 15:20