May 10, 2024

හිටපු ඇමති කබ්රාල්ට ජනපති අලුත් පත්වීම් ලිපිය දෙයි

September 15, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරයේ ද කටයුතු කර තිබුණා.

වත්මන් ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සිය අමාත්‍ය ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන් ද පසුගියදා ඉල්ලා අස්වුණා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වි සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 14:36