May 15, 2024

ඇමැති බන්දුලගේ පඩි කපන යෝජනාව ගැන ආණ්ඩුව තීන්දුවක් ගනි

September 15, 2021

රු. ලක්ෂයකට වඩා වැටුප් ලබන අයගෙන් 5% ක මුදලක් කපා ගත යුතු බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන ආවා.

ඒ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා අංශවලට පහසුකම් සැපයීම සඳහා.

එම යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා.

ජනමාධ්‍ය ඇමතිගේ පිළිතුර

ඊට පිළිතුරු දුන්නේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා.

ඔහු සඳහන් කළේ ගුණවර්ධන අමාත්‍යවරයාගේ යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් නොව ඔහුගේ පෞද්ගලික යෝජනාවක් බවයි.

කැබිනට්ටුව තුල සාකච්ඡා කිරීම

එවැනි වැටුප් කැපීමක් ගැන කැබිනට් මණ්ඩල රැස්වීම තුළවත් සාකච්ඡා නොවුන බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

ඒ නිසා එවැනි යෝජනාවක් ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ගුණවර්ධන මහතාගේ වැටුප් කැපීමේ යෝජනාව ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඔහුව අපහසුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නැති බවයි අලහප්පෙරුම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 15 September 2021 13:16

Related items