May 17, 2024

සුසන්තිකා ජයසිංහට‍ත් කොවිඩ්

September 14, 2021

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද, කොරෝනා වැළඳී තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණා.

ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02කි.

Rate this item
(0 votes)