May 15, 2024

කොවිඩ් බද්දක්? අලුත් බද්ද අය කරන්නේ මෙහෙමයි

September 13, 2021

මේවන විට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ නව බද්දක් පැනවීම ගැන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉඟියක් පළ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙම බද්දෙන් ලැබෙන ආදායම උපයෝගී කර ගැනීමට නියමිතය.

ඒ අනුව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බවයි වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

"අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් " යැයි දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

Rate this item
(0 votes)