May 10, 2024

සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයනුත් සුනේ සුන් - පාඨලී චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

September 13, 2021

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා පැනවූ තැන්පත් මුදල් හේතුවෙන් අර්බුදයකට මුහුණ දෙන පාර්ශව තුනක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සමගි ජන බලවේගය නියෝජනය කරන පාඨලී චම්පික රණවක මහතා කරනවා.

ඒ රටේ සුළු හා මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගික ජනතාව බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

භාණ්ඩවල මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යයි ප්‍රකාශ කොට භාණ්ඩ 623ක් සඳහා මෙරට ගෙන්වීමේදී එම භාණ්ඩ වල වටිනාකමේ සම්පූර්ණ මුදලම තැන්පත් කළ යුතු බවට පැනවූ නීතිය හේතුවෙන් එම භාණ්ඩවල මිල ඉතා ඉහළ අගයක් ගනු ඇති බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

ඒ එම භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයින් සිය තැන්පතුවට යන පොලියත් අදාල භාණ්ඩවල මිලට එකතු කිරීම නිසා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයින්

මෙම නව නීතිය හේතුවෙන් සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයින් මෙන්ම කුඩා ප්‍රමාණයේ වෙනත් ආකාරයක ව්‍යාපාර කරගෙන සිටී අති විශාල වෙළෙඳ ප්‍රජාවක් වෙළෙඳ පොළෙන් ඉවතට විසි වන බවටද මන්ත්‍රීවරයා අනාවැකි පළ කරනවා.

ඒ තත්ත්වය මත මෙම ව්‍යාපාරය මහා පරිමාණයේ ව්‍යාපාරිකයින් හතර පස් දෙනකු අතට සීමා වීමට ඉඩකඩ තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 11:32