May 15, 2024

ඔක්කොම කුණු ඇමති පිටින් යයි: ලඟදීම තීන්දුවක්

September 12, 2021

පසුගිය සතියේ මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.

එසේ පැමිණි අවස්ථාවේදී ඔහු රටේ මතුව ඇති ඇති ආහාර අර්බුදය පිළිබඳව ඇමැතිවරුන් කිහිප පොලක් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සාකච්ඡාවට එක් වූ අය

ඊට හිටපු වෙළද අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙන්ම ස.තො.ස සභාපතිවරයකු ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදනය වීම නිසා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට සහභාගී වී නැහැ.

එම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ආහාර හිඟය ගැන කරුණු විමසා තිබෙනවා.

තත්ත්වය ටිකක් බරපතලයි

එහිදී නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෙන්වාදී තිබෙන්නේ දැන් තත්ත්වය ටිකක් දරුණු බැවින් යන විදිහට දැඩි ආහාර හිඟයක් ඇති විය හැකි බවයි.

එහිදී එතන නොසිටි බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිබඳවත් සාකච්ඡා වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය හසුරුවන ආකාරය පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ඔහු විසින් ගන්නා ලද ඇතැම් තීන්දු නිසා තත්ත්වය බරපතළ වූ බවයි සාකච්ඡාවට එක්වූවන් මුදල් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙන්නේ.

ඇමතිගේ ප්‍රතිචාරය

ඒ අදහස් සියල්ලටම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාවධානව ඇහුම්කන් දුන් බවත් ඒ ඇහුම්කම් දීම තුළ ගුණවර්ධන අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ඉදිරියේදී ගනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියාද වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 15:21