May 17, 2024

ඇමැති බැසිල්ගෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට පාඩමක්!

September 12, 2021

සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ඊයේ (10) හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවයි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

ඉන් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

රට වැසිය යුතු නැතැයි යන මතයේ මුල සිට සිටි නමුත් මහා සංඝරත්නය, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු පිරිසගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා රට වැසීමට තීරණය කළේත් එකී සංවේදීකම නිසාම බවයි ඇමැතිවරයා සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් රට වැසීම කොවිඩ් පාලනයට පහසුවක් වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාව පහත වැටීමටත් එම තීන්දුව හේතු වූ බවත් ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ සංවේදී බව දුර්වලකමක් ලෙස සලකා විරුද්ධ පාක්ෂිකයන් චෝදනා නඟන නමුත් වත්මන් ආණ්ඩුව එසේ දුර්වල ආණ්ඩුවක් නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)