May 10, 2024

ජනපතිගෙන් සෞඛ්‍ය ලොක්කන්ට දැඩි අවවාදයක්

September 12, 2021

ජනපතිවරයා පසුගිය කොවිඩ් සංවර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදී සෞඛ්‍ය අංශ වෙත ඉතා දැඩි පණිවිඩයක් ලබා දී තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පවතින වසංගත අවදානම මත පළමුවරට සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේදී තමා හමුවේ කිව යුතු දේවල් මාධ්‍ය හමුවේ නොකියවන ලෙස සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ට මතක් කර දී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සහ වෛද්‍යවරුන්ගේ වගකීම

සෞඛ්‍ය අංශ වල නිලධාරීන් ඇතුළු උගත් වෛද්‍යවරු කළ යුත්තේ ජනතාව ඉස්සරහ ගිහින් ප්‍රශ්න කියන එක නොවන බව එම අංශ වෙත මතක් කර දී තිබෙන ජනපතිවරයා ආණ්ඩුවක් කරන්න ඕන දේවල් ජනතාවට ගිහින් කියල වැඩක් නැති බවද සඳහන් කර තිබෙනවා.

එහෙම අදහස් තිබෙනවා නම් ඒවා කිව යුත්තේ තමන් හමුවේ මිස ජනතාව හමුවේ නොවන බව එහිදී සඳහන් කර තිබෙන ජනපතිවරයා එවන් අදහස් වලට සවන් දීමට තමන් ඕනෑම විටෙක සූදානම් බවයි පෙන්වා දී තිබෙන්නේ.

රජයට කිව යුතු දේ

රජයට කියන්න ඕනේ ටික මිනිස්සුන්ට කියන විට මිනිස්සු නිකම්ම බය වෙන බවත් රට වසන්න කියන එක මේ කමිටුව හමුවේ නොකියා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල විට ජනතාවද කලබල වන බවද ජනපතිවරයා සෞඛ්‍ය අංශ වෙත පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේ ජනතාව හමුවේ ප්‍රකාශ කිරිමේ ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කර ඇති ජනපතිවරයා රටක් වැසීම කළ හැක්කේ ජනතාවට නොව ආණ්ඩුවකට බවයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් වෙත අවධාරණය කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 08:25

Related items