May 10, 2024

චන්ද්‍රිකාගෙන් ජනපතිට ලිපියක්! විශේෂ ඉල්ලීමක් කරයි

September 11, 2021

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙසයි.

රංජන් රාමනායක මහතා රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙක් බව හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

"බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් වත්මන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි." යනුවෙන් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙනවා.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි ."යනුවෙන්ද හිටපු ජනාධිපතිනිය යැවූ ලිපියේ සඳහන් වෙනවා.

No description available.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 September 2021 13:49

Related items