May 19, 2024

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් සමඟින් හදිසි තීරණයක් Featured

September 10, 2021

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 14 වැනිදා අඟහරුවාදා සිය මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමට මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා තීරණය කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ වීඩියෝ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එළැඹෙන මාසයේ සිය 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තමා තීරණය කළත් පසුගිය සතියේ සහ සති කිහිපය තුළ සිදුවූ සිත් රිදීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මණ් කළ බවද ඒ මහතා විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළා.

තමා මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම තමා වෙත සැඟවී පැමිණි අශිවාර්දයක් ලෙස සිය මිතුරන් සහ හිතවතුන් සිතන බවද දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසා සිටියා.

Rate this item
(2 votes)
Last modified on Friday, 10 September 2021 16:00