May 10, 2024

මෑත ඉතිහාසයේ ගත් විශේෂ තීරණයක් සමඟින් ජනපති අමෙරිකාවට යාමට සුදානම් වෙයි

September 10, 2021

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක් නුවරදී සැප්තැම්බර් 21 වනදා, ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාවද මෙය වෙනවා.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව බවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. 

මෙම සංචාරය සඳහා යන දූත පිරිස අතරට විදේශ අමාත්‍ය මහාචර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ද සිටිනවා.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා විශේෂ තීරණයක් ද ගෙන තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 September 2021 12:22

Related items