May 10, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ජනපති තැබූ සටහන

September 08, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) දිනයේ දී සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟාවලියක ජය ලැබු‍වේ වසර 1 1/2කට පමණ පසුව වීම විශේෂත්වයක් වූ අතර මෙරට ක්‍රිකට් ලෝලීන් මේ ලැබූ ජයග්‍රහණය ඉහළින්ම සමරන්නටද වුණා.

මෙම ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද සිය නිල ට්විටර් ගිනුම ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබුණා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ ඊයේ (07) දිනයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ආඩම්බර වීමට බොහෝ දේ ලබාදුන්, විශිෂ්ඨ දස්කම් දැක්වීම සඳහා කැපූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ පුහුණුකරුවන්ට ස්තූතියිවන්ත වන බවයි.

ජනාධිපතිවරයා තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 September 2021 12:16