May 17, 2024

කැරලිකාර ඇමති තුන් කට්ටුවෙ අයෙකුට බැසිල්ගෙන් තුති හා උපදෙස්

September 06, 2021

පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ මතවාදී ගැටුමක නියැලී සිටින ඇමති තුන් කට්ටුවෙන් එක් ඇමතිවරයෙකු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා.

ඒ පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

තුනෙන් එකක් ඇගයීමට

එසේ ඇගයීමකට ලක්ව තිබෙන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයාව ඇගයීමකට ලක් කළේ ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළිත් ශ්‍රී ලංකාවට පවරා ගැනීම සඳහා ගන්නා වැඩ පිළිවෙළ පිළිබඳව.

එම තෙල් ටැංකි දැන් තිබෙන්නේ ඉන්දියාව භාරයේ.

ඒ සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යා වෙත ස්තුතියද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පලකලා.

ඇමතිවරයාට ලබා දුන් උපදෙස

එතැනින් නොනැවතුණු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයාට උපදෙසක්ද ලබා දුන්නා.

ඒ වහාම ඉන්දියාවට ගොස් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ගිවිසුම වෙනස්කර ගන්නා ලෙසටයි.

ගම්මන්පිල අමාත්‍යවරයා සිටින සමග විමල් වීරවංශ හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ අර්බුදයක් ගොඩ නගාගෙන තිබෙන බව ප්‍රකට කරුණක්.

මහ ලේකම්ගේ ප්‍රතිචාර

මේ නිසාම එම තිදෙනාට එරෙහිව විටින් විට පොදු ජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමු තබමින් දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

රට වසන ලෙස ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 10 ක් ජනපතිවරයා වෙත යැවූ ලිපියට අත්සන් තැබීම සම්බන්ධයෙන් මෙම ඇමති තුන් කට්ටුවට එරෙහිව මීට සති දෙකකට පමණ පෙරද කාරියවසම් මහතා දැඩි ප්‍රතිචාර දක්වා තිබුණා.

එසේ ප්‍රතිචාර දක්වන කාරියවසම් මහතා පිටුපස සිටින ප්‍රධාන බලවේගය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා බවටයි මත පළ වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 19:37