May 10, 2024

රන්ජන්ට නිදහස ඉල්ලන නිල ලිපිය ජනපතිට - තීන්දුව ජනපති අතේ

September 05, 2021

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 31දා ලිපියක් භාර දී තිබෙන බව වාර්තා වනවා.

එම ලිපිය මේ මස 1දා ලැබුණු බව ජනාධිපති නීති අධ්‍යක්ෂක ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා තහවුරු කර තිබෙනවා.

ප්‍රතිචාර දක්වන අයුරු

විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නෙ කෙසේදැයි යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි සඳහන් කරන්නේ.

එම ඉල්ලීම මේ වන විට පොරොත්තු ලේඛනයේ තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

රන්ඡන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළ යුතු බව ජනපතිවරයා මීට පෙර විපක්ෂ නායකවරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි නීති උපදෙස් ද ලබා ගනිමින් විපක්ෂනායකවරයා ජනපතිවරයා වෙත යොමු කළ එම ලිපිය සකස් කර තිබෙන්නේ.

අධිකරණයට අපහාස කිරීම් මත වසර 4 ක සිර දඬුවමක් නියම වූ රංජන් රාමනායක මහතා මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ එම සිර දඬුවම විඳිමින් සිටිනවා.

බොහෝ අංශවල ඉල්ලීම

ඔහුට ජනපති සමාව ලබා දෙන ලෙස දේශපාලනඥයන් පමණක් නොව කලාකරුවන්ද ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරවයි.

මානුෂීය හේතු මත මෙන්ම රංජන් රාමනායක මහතා පෙළෙන අසනීප තත්ත්වයන් ගැන ද විශේෂ අවධානයක් යොමු කර ලෙස ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පිරිස් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 13:25