May 10, 2024

නැදුම්ගමුවේ රාජා ගැනත් කැබිනට් රැස්වීමේ කතා වෙලා Featured

ආණ්ඩුව ඇතුළේ එක් එක් ආකාරයේ කල්ලි විසින් නිර්මාණය කරන අර්බුද තිබෙන බව ප්‍රකට කරුණක්.

ඊට හේතුව පෙන්වා දෙමින් ඒ සඳහා විසඳුමක් නව ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

ප්‍රශ්න වලට හේතුව

බොහෝ ප්‍රශ්න වලට හේතුව ස්වයං විනයක් නොමැති වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටක් විදියට පුරවැසියන් තුළත් දේශපාලනඥයින් හැටියට තමන් ඇතුළු හැමෝටමත් ස්වයං විනයක් තිබිය යුතු බව අමාත්‍යවරයා කැබිනට් රැස්වීම අමතා සඳහන් කර තිබෙනවා.

එහිදී ස්වයං විනය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයා උදාහරණයක්ද පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

ඇතාගේ ආදර්ශය

ඒ නැදුම්ගමුවේ රාජා ඇතාව.

"ස්වයං විනයට හොඳම ආදර්ශය ගන්න පුළුවන් නැදුම්ගමුවේ රාජාගෙන්.නැදුන්ගමුවේ රාජා කරඬුව වඩම්මවද්දි පෙන්නූ ස්වයං විනය අපි හැමෝටම ආදර්ශයක්" බවයි ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට කියලා තියෙන්නේ.

අලහප්පෙරුම ඇමතිවරයා මේ අලි කතාව කියල තියෙන්නේ රට වසන ලෙස ජනපතිට ලියුම ලියූ කැබිනට් ඇමතිවරුන් සම්බන්ධයෙන් රෝහිත අභයගුණවර්ධන හා ඩග්ලස් දේවානන්ද යන  ඇමතිවරුන් කැබිනට් රැස්වීමේදී දොස් නැගීමෙන් අනතුරුවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 13:26

Related items