May 12, 2024

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු තීරණාත්මක තීන්දුවක්!

රට සතියක කාලයක් වසා දැමිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වනවා.

බොහෝ දුරට අද පස්වරුවේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර මේ බව සඳහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතය. 

මේ අතර ජනාධිපතිවරයා හෙට මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන්.

Rate this item
(0 votes)

Related items