May 12, 2024

ජනපති අද ජාතිය අමතයි! මහනාහිමිවරු බැහැදකින්නත් සූදානම් Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතය.

රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා එහිදී රට හමුවේ කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර, ජනාධිපතිවරයා හෙට (21) දිනයේ දී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට සතියක කාලයකට හෝ වසා දැමීමට කටයුතු කරන්නැයි අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් විසින් ඉල්ලා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලිපියක් යොමු කරමින් උන් වහන්සේලා මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 August 2021 08:22

Related items