May 11, 2024

ජනපති වාර්තා කැඳවයි! ඊලඟ තීන්දුවට සූදානම්

රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ රෝගීන්ට උපරිම සේවා පහසුකම් සැපයීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙසේ කටයුතු කර ඇති බව

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර පහසුකම් ලබාදීම සඳහා තවත් සැලසුම් කිහිපයක්ම ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා කොවිඩ් මරණ වලක්වා ගැනීමට ඇති එකම විසඳුම කොවිඩ් එන්නත්කරණය බව සඳහන් කළා.

රට වහනවාද?

මේ අතර පෙරේදා ( 17) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 August 2021 10:35

Related items