අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වීමට නියමිත බව පසුගිය දිනවල දේශපාලන කරලියේ දැඩි ලෙස කතා බහට ලක් වුණා.
එවන් පසුබිමක එෂියන් මිරර් වෙත වාර්තා වන්නේ අද (16) දින එම කැබිනට් සංශෝධනය සිදුවන බවට යි.
එය අද පෙරවරු 11ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය හැකි බව පුවත් ආරංචි මාර්ග ඉඟි පළ කරනවා.
මෙහි දී කැබිනට් අමාත්‍ය ධූර 4 සිට 7ක් පමණ ගණනක් සංශෝදනය වීමට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහමන් කරන්නේ.
මේ අතර නව අමාත්‍යධූර ලැබීමට නියමිත පිරිස අතර දිනේෂ් ගුණවර්ධන මහතා ද සිටින බව අප වෙත වාර්තා වූවා.
අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සියළු දෙනාට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව ද සඳහන්.