April 28, 2024

"ඔය කියන මොකුත් වෙන්නේ නෑනේ" - පවිත්‍රා නිහඬ කළ ජනපතිගේ ප්‍රතිචාරය

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට මුහුණ දීමට සිදු වූ සෝචනීය සිදුවීමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙන්නේ.

ඇමතිවරියගේ දැනුවත් කිරීම

වාර්තා වන අන්දමට එහිදී සෞඛ්‍ය ඇමතිවරිය ලෙස වන්නිආරච්චි මහත්මිය පවතින කොවිඩ් වසංගත තත්ත්වය ගැන මෙන්ම ඩෙල්ටා ප්‍රභේදයේ භයානකකම පිළිබඳ විස්තරයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වසංගතය සම්බන්ධයෙන් දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන් ලබාදී තිබෙන වාර්තා පිළිබඳවත් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ඇමතිවරිය අමතක කර නැහැ.

ජනපතිවරයාගේ දැඩි ප්‍රතිචාරය

මේ සියල්ල අසා සිටි ජනපතිවරයා "ඕක තමයි මම කියන්නෙත්.ඔය කියන කිසිම දෙයක් වෙන්නේ නෑනේ."කියමින් ඒ සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් ප්‍රකාශ කිරීමත් සමග ඇමතිවරිය නිහඬ වූ බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ඇමැතිවරියට ජනපතිවරයා දැක්වූ ප්‍රතිචාරයත් සමඟ ඇමතිවරිය පමණක් නොව අන් ඇමතිවරුන්ද ඒ ගැන වැඩි දුරටත් වචනයක්වත් කතා නොකිරීමටයි වගබලා ගෙන තිබෙන්නේ.

ඇමතිවරියගේ අසතුටුදායක ක්‍රියා කලාපය

සෞඛ්‍ය ඇමතිවරය ලෙස වන්නිආරච්චි මහත්මිය කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබදව ජනපතිවරයාගේ සතුටක් නැති බවද දැනගන්නට තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ බැරෑරුම්කම මත කැබිනට් මණ්ඩල සාකච්ඡාව පවත්වා ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේ.

මේ වනවිට කොවිඩ් වසංගතය නව ප්‍රභේදත් සමග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වගකීම දරන සෞඛ්‍ය අංශ වලට පාලනය කරගත නොහැකි ආකාරයට රට පුරාම ව්‍යාප්ත වෙමිනුයි තිබෙන්නේ.

Rate this item
(8 votes)
Last modified on Friday, 13 August 2021 11:36

Related items