April 28, 2024

කැබිනට් රහස් - විමල්ගෙ ඉල්ලීම ජනපති එක පයින් ප්‍රතික්ෂේප කරයි

ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ඉල්ලීමක් ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් තිබෙන විදුහල්පති - ගුරු වැටුප් ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කර තිබෙන ඇමැති අනු කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් කළ ඉල්ලීමක්.

මුදල් ඇමැති ගැන ඉල්ලීම

තමන් සමඟ ඩලස් අලහප්පෙරුම , ප්‍රසන්න රණතුංග හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවට බැසිල් රාජපක්ෂ මහතාද එක් කරන ලෙස කළ ඉල්ලීමයි ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන්නේ.

විදුහල්පති ගුරු වැටුප් ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී එහි වැඩි වගකීම පැවරෙන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමේ බලයේ තිබෙන මුදල් අමාත්‍යාංශයට බැවින් මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතාද මෙම කමිටුවේ සිටිය යුතු බව වීරවංශ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එයා අවශ්‍ය නැහැ

ජනපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර තිබෙන්නේ එම කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වීමේ අවශ්‍යතාවයක් නැති බවත් පත් කොට ඇති ඇමති අනු කමිටුව විසින් ප්‍රශ්නය අධ්‍යයනය කොට ගන්නා තීන්දු හා යෝජනා මුදල් අමාත්‍යවරයාට භාරදෙන ලෙසයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම කැබිනට් මණ්ඩල හමුවක් පවත්වා තිබෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ.

බැසිල් රාජපක්ෂ හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් අතර  බරපතළ මත ගැටුමක්  තිබෙන බව ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 14 August 2021 01:01

Related items