April 28, 2024

ජනපති සෞඛ්‍ය ප්‍රධානීන් එක්ක තීරණාත්මක සාකච්ඡාවක!

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට විශේෂ සාකච්ඡාවක නිරත වන බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එම විශේෂ සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

හදිසි වැඩසටහනක්

මේ අතර කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව මෙතෙක් ලබා නොගත් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින් එන්නත් කිරීම සඳහා විශේෂ වැඩසටහෙන් කිහිපයක් අද ආරම්භ කෙරුණා.

මේවනවිට හඳුනාගෙන ඇති එම පුද්ගලයින් රැඳී සිටින ස්ථානයටම ගොස් එන්නත් ලබාදීමේ කටයුතු සිදුකරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

මෙම වැඩසටහන දින 03 ක් පුරා ක්‍රියාත්මක බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා..

කොළඹ මහ නගර සභාව විසින් ද විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහායි.

ඒ අනුව මෙම විශේෂ සේවාව ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන ලෙස ද කොළඹ මහ නගර සභාව දැනුම් දෙනවා.

Rate this item
(0 votes)

Related items