මේ දවස් වල එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ විවිධ දේශපාලන තුරුම්පු ගසමින්.
රනිල්ගේ සන්ධාන තුරුම්පුව
එහි එක් තුරුම්පුවක් වන්නේ එ.ජා.පයේ මූලිකත්වයෙන් සන්ධානයක් ගොඩ නැගීමයි.
වික්‍රමසිංහ මහතා ඒ සඳහා දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාටද ආරාධනා කොට තිබෙනවා.
යෝජනාව ප්‍රතික්ෂේප වේ
සමගි ජන බලවේගය නියෝජනය කරන ගනේෂන් මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.
වික්‍රමසිංහ මහතාගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජේෂ්ඨයන්වද දැනුවත් කර තිබෙනවා.
වික්‍රමසිංහ මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතුවද පෙන්වා දෙමිනුයි ගනේෂන් මහතා එම දැනුවත් කිරීම කර තිබෙන්නේ.
සිංහල ඡන්ද දිනා ගන්න බැහැ
වික්‍රමසිංහ මහතා සුළු ජාතීන්ට සැලකුවද ඔහුට සිංහල ඡන්ද ලබා ගැනීමට නොහැකි නිසා ඔහු සමග සිටින සන්ධානයකට ආණ්ඩු බලයක් ගැනීමට නොහැකි බවයි ගනේෂන් මහතා පෙන්වා දී තිබෙන්නේ.
මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණට සමගි ජන බලවේගය සමග සිටින වතුකරයේ දෙමළ දේශපාලන පක්ෂද සියල්ලම වාගේ ඇතුළත්.