May 15, 2024

කිරිපිටි හිඟයට හේතුව හෙළිවෙයි! මිල වැඩි කිරීම ගැන ඇමැති බන්දුල්ගෙන් ප්‍රකාශයක්

කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොරෝනා වසංගතත් සමඟ සමස්ත ලෝකයේම සැපයුම් ජාලය කඩාවැටීමෙන් ප්‍රවාහන සහ නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මිල වැඩිකිරීමට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය නොකිරීම මෙම තත්වයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පැවසූනේ කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි

එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කිරිපිටි කුඩා පැකට්ටුවක් හෝ මිලදී ගැනීමට නොමැති තත්වයට වෙළෙඳපොල තුළ දැඩි ලිරිපිටි හිඟයක් මේ වන විට ඇති වී තිබෙනවා.

Rate this item
(0 votes)