May 15, 2024

වෙල්ගම වගේ අය පොල් පිත්තකින් කපා ගන්න පුළුවන් - දයාසිරි ජයසේකර

කුමාර වෙල්ගම මහතා වැන්නවුන් පොල් පිත්තකින් වුවත් කපා ගත හැකි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.

එම නිසා කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරන දේවල් ගණන් ගත යුතු නැති බවයි මහ ලේකම්වරයාගේ මතය වන්නේ.

ශ්‍රීලනිපය දෙකඩ කිරීම 

වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී.ල.නි.පය හදන්න කතා කරන්නේ කෙසේදැයි මහ ලේකම්වරයා ප්‍රශ්න කරන්නේ වෙල්ගම මහතා ශ්‍රීලනිපය විනාශ කළ අයගෙන් කෙනෙක් ලෙසට හඳුන්වා දෙමින්.

ශ්‍රී.ල.නී.පය දෙකඩ කර කඩාගෙන ගොස් පොහොට්ටුව පිහිටුවන්න මූලිකව වැඩ කළ වෙල්ගම මන්ත්‍රීවරයා තමන් හොඳ ශ්‍රී.ල.නි.ප කාරයෙක් ලෙස හඳුන්වන්නේ කුමන පදනමින් දැයි ජයසේකර මහතා ප්‍රශ්න කරනවා.

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී කමට

ඉන් නොනැවතුණු ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු සමගි ජන බලවේගයට ගොස් ඒ හරහා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බවයි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එනිසා සමගි ජන බලවේගය හදාගන්නා වැඩේ කරගන්නා ලෙස කුමාර වෙල්ගම මහතාට උපදෙස් දෙන ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා ශ්‍රීලනිපය හදන වැඩේ තමන් ඇතුළු පිරිස කරගන්නා බවයි සදහන් කරන්නේ.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ නමින් මාවතක් විවෘත කිරීමේ උත්සවයට වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 August 2021 13:54

Related items