April 28, 2024

පාර්ලිමේන්තුව උණුසුම් කරමින් රිෂාඩ් ජනපති ඉදිරියේ කියපු කතාව (VIDEO)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරියේන කියා සිටියේ තමාව අප්‍රේල් මාසයේ 24 වෙනිදා අත්අඩංගුවට ගත් බවත් දවසක් 05ක් තමාව ප්‍රශ්න කළ බවයි.

අද වන විට දවස් 102ක් වන බවත් ඉන් දවස් 97ක් තමාව කාමරයකට දමා වසා දමා ඇති බවත්, වැසිකිළි යාම සඳහා පමණක් කාරයෙන් එළියට යෑමට දෙන බවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

අද වනතුරු කිසිදු පැමිණිල්ලක් විභාග කර නොමැති බව පවසන මන්ත්‍රීවරයා තමා බොරු කියන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පැවසුවා.

එහිදී ජනාධිපතිවරයාව ආමන්ත්‍රණය කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාව අත්අඩංගුවට ගත් හේතු⁣ව පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටි බවත් එහිදී තමා අමාත්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ සිටි අමාත්‍යංශ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් සමඟ මිනිත්තු 1/2ක් කතා කළ සිදුවීමක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුව වූ බවයි.

තමාව අත්අඩංගුවට ගැනීමට වෙන කිසිදු හේතුවක් නොමැති බවද එහිදී මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට මෙම කතාව සිදු කිරීම සඳහා විනාඩි 02ක කාලයක් ලබාදී තිබුණු අතර ඔහුගේ කතාව කිරීම සඳහා ලබාදී තිබූ කාලය අවසන් බව කතානායකවරයා විසින් දැනුම් දුන්නත් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වය දිගටම පැවති ආකාරය දැකගත හැකි වුණා.

මයික්‍රෆෝනය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එම අවස්ථාවේ ලබාදී නොතිබුණු අතර ඔහු දිගින් දිගටම කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණය පැවසීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. එහිදී කතානායකවරයා විසින් පවසා සිටියේ ජනාධිපතිවරයා මුණ ගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙසයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම ඉල්ලීම් කළත් කතානායකවරයා විසින් එයට ඉඩ ලබාදුන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 August 2021 14:03

Related items