April 28, 2024

කොතලාවල පනත ගැන විමල් පිලේ සංශෝධන අද ජනපතිට

පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 11ක් කොතලාවල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා කරන සංශෝධන අද (3) ජනපතිවරයාට භාරදීමට බාරදීමට නියමිත බවයි ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සදහන් කරන්නේ.

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන් නායකත්වය දරන සන්ධානගත පක්ෂ හා සංවිධාන 11කින් මෙම කණ්ඩායම සමන්විතයි.

සංශෝධන පහක්

එහිදී යුතුකම සංවිධානය වෙනුවෙන් සංශෝධන පහක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා මෙසේය.

1 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මූලිකවම ආරක්ෂක හමුදාවන්ට බැඳීමට අදහස් කරන්නන්ට හා ආරක්ෂක හමුදා නිලධාරීන්ට උසස් අධ්‍යාපනය ලබා දීම පිණිස පවත්වාගෙන යන විශේෂ විශ්ව විද්‍යාලයක් ලෙස පැවතිය යුතු වීම.

2 එහි පාඨමාලා ආදිය සන්නද්ධ හමුදා වල සාමාජිකයන්ගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු වීම.

3 අතිරික්ත පහසුකම් වේ නම් රාජ්‍ය සේවකයන්ට හා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අපේක්ෂා කරන යෞවනයන්ට ඒ අවස්ථාව ලබාදීමේ වරදක් නැති බව.

4 එලෙස පොදු සමාජයෙන් කරන බඳවා ගැනීම් , ඒ විශ්ව විද්‍යාලයේ බදවා ගැනීමේ විභාගය සමත් වූවන් අතරින් අ.පො.ස (උසස් පෙළ) Z - ලකුණු අනු පිළිවෙළ මත සිදු කළ යුතු වීම.

5 සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම අපගේ රජයේ යුතුකම බවද ධෛර්ය සම්පන්නව අභියෝගයන්ට මුහුණ දීම වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළුවලට විසඳුම් සෙවීමට යෑම වැරදි ප්‍රවේශයක් බව වීම.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් පත්කර කොතලාවල පනතට සුදුසු සංශෝධන කිරීමට අග්‍රාමාත්‍යවරයා යෝජනාවක්ද කොට තිබෙන බව යුතුකම සංවිධානය පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 11:41

Related items