May 10, 2024

ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්! ආයතනයක් ආරක්ෂක සරසවිය යටතට පවරයි Featured

ජනාධිපතිවරයා විසින් පෙරේදා දිනයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

එය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අමාත්‍යාංශ විෂයය පථයන් යළිත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා ඊයේ දිනයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

මිලෝදා ආයතනය හෙවත් ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් මීට පෙරත් ආරක්ෂක අමාත්‍යාංය යටතේ වෙනම ආයතනයක් ලෙස පැවති අතර නව ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 August 2021 07:11

Related items