ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
විශේෂත්වය වන්නේ බණ්ඩාර මහතා කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගත්තෙකු වීම යි.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනෙකා එන්නතත්, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ජයරුවන් බණ්ඩාර මහතා ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.
ඔහු පවසා සිටියේ තමන්ට මෙතෙක් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව යි.
කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද ඒ මහතා පවසා සිටියා.
බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට හඳුණාගෙන ඇත්තේ අද (29) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක ප්‍රතිඵල ලැබීමෙන් පසුවයි.