May 12, 2024

මීලඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මීලඟ ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අද (19) මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවක් අතරතුර දී ඔහු මෙම අදහස් පළ කර ඇති බව යි වාර්තා වන්නේ.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන බවට එම පෙරමුණෙහි මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම අදහස් දක්වා ඇති පසුබිමක ජනාධිපතිවරයා මෙලෙස පැවසීම කැපී පෙනෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 19 July 2021 13:51

Related items