May 12, 2024

තනතුරු නොමැති මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් අලුත් පට්ටම්! පත් කිරීම් ලඟදීම

ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා තනතුරු ලබා දීමට රජයේ සූදානමක් පවතිනවා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.

එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලම ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ගම අධීක්ෂණයට මන්ත්‍රීවරු

රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි රජයේ අදහස වී ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් හමු වූ අතර එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වනවා .

ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම ලඟදීම සිදුවනු ඇතැයි ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)

Related items