May 13, 2024

ජනපති හදිසියේම ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා සවස 6.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ.

ඇමති ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්ධන මිල අත්තනෝමතිකව ඉහළ දැමීමට කටයුතු බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු සඳහන් කළේ ආණ්ඩු පක්ෂය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවයි. 

Rate this item
(0 votes)