May 10, 2024

මොන විජ්ජාද: බැසිලුත් ෆේල් - පාඨලී චම්පික

බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගතව සිටී දින 40 ක පමණ කාලය තුළ මෙරට විශේෂ ආර්ථික අර්බුදයක් ඇති නොවූ බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන කරන මන්ත්‍රීවරයෙකුද වන රණවක මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා දැන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදයේ පැහැදිලි කොටස්කාරයෙක් බවයි.

ජාතික මුදල් මංකොල්ලය

වත්මන් ආර්ථික අර්බුදයේ ආරම්භය ඇති වුණේ මීට වසර 16 කට පමණ පෙර මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වාණිජ ණය ගෙන ආදායම් උපදවිය නොහැකි තැන්වල ඒවා යෙදවීමෙන් බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

ඒ හැරුණු කොට ව්‍යාපෘති වල වටිනාකමට වඩා කිහිප ගුණයක වැය කිරීමක් වාර්තාකොට අති විශාල ජාතික මුදල් මංකොල්ලයක නියැළුණු බව මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ ඒ පිළිබඳව තමන්ට ද වගකීමක් තිබෙන බව සඳහන් කරමින්.

අර්බුදය ගැන මුලින්ම කියූ පුද්ගලයා

2016 දී "මූල්‍ය අර්බුදයක් පාමුල" කියා තමා කෘතියක් එළිදක්වා ඒ හරහා 2023 දී රට බංකොලොත් වන බවට අනතුරු ඇඟ වූ බව සඳහන් කරන මන්ත්‍රීවරයා එය 2023ට පෙර වසර පහක් යද්දි සිදුව තිබෙන බව පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟ වූ ප්‍රථම පුද්ගලයා තමා බවත් සඳහන් කරමින්.

මේ අර්බූදයට වගකිව යුතු පාර්ශවය වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල බවයි රණවක මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

බැසිල්ට මොකුත් කරන්න බැහැ

එනිසා සිය මවුබිමට ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි තිබෙන බැසිල් රාජපක්ෂ මහතාට විජ්ජා පෙන්වීමට නොහැකි බවයි රණවක මහතාගේ අනාවැකිය වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 06:15